හරක්කටාට උදව් දුන් කොස්තාපල් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා – විශේෂ විමර්ශනයක් ඇරඹෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල පෙළේ අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නමැත්තා එම දෙපාර්තමේන්තුව බාරයෙන් මුදා ගැනීමට කළ උත්සාහයක් අසාර්ථකවීමෙන් අනතුරුව ඉන්දියාවට පලා ගොස් සිටියදී අත්අඩංගුවට ගත් රවිඳු සංදීප නමැති කොස්තාපල්වරයා ඉන්දියාවේ සැඟව සිටි කාලය තුළ මෙරට රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතුවල නිරතව ඇති බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබඳ ව විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත්‍රස්ත විමර්ශන ඒකකය අද (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත දන්වා සිටියා.

සැකකාර හිටපු පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ සැඟව සිටින කාලය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු වල නිරතව ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් මෙරට බුද්ධි අංශ වෙත කරන ලද දැනුම්දීමක් අනුව එම විමර්ශන ආරම්භ කර ඇති බව ද විමර්ශන කොට්ඨාසයයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවයෙහි යෙදී සිටිය දී එහි රඳවා සිටි හරක් කටා නමැත්තාට 2023 සැප්තැම්බර් මස 10 දින එම දෙපාර්තමේන්තුවෙන් පලා යාමට අනුබල දී ඇති බවත් එය අසාර්ථක වීමෙන් අනතුරුව ඔහු රහසිගතව ඉන්දියාව වෙත පලා ගොස් සැඟව සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් පසුගියදා ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

හරක් කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙන් පලායාමට අනුබලදීම සම්බන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 22 ක් යටතේ නඩු පවරා ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

විමර්ශන නිලධාරින් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වහාම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27