හරක්කටාට උදව් දුන් කොස්තාපල් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා – විශේෂ විමර්ශනයක් ඇරඹෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල පෙළේ අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නමැත්තා එම දෙපාර්තමේන්තුව බාරයෙන් මුදා ගැනීමට කළ උත්සාහයක් අසාර්ථකවීමෙන් අනතුරුව ඉන්දියාවට පලා ගොස් සිටියදී අත්අඩංගුවට ගත් රවිඳු සංදීප නමැති කොස්තාපල්වරයා ඉන්දියාවේ සැඟව සිටි කාලය තුළ මෙරට රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතුවල නිරතව ඇති බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබඳ ව විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත්‍රස්ත විමර්ශන ඒකකය අද (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත දන්වා සිටියා.

සැකකාර හිටපු පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ සැඟව සිටින කාලය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු වල නිරතව ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් මෙරට බුද්ධි අංශ වෙත කරන ලද දැනුම්දීමක් අනුව එම විමර්ශන ආරම්භ කර ඇති බව ද විමර්ශන කොට්ඨාසයයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවයෙහි යෙදී සිටිය දී එහි රඳවා සිටි හරක් කටා නමැත්තාට 2023 සැප්තැම්බර් මස 10 දින එම දෙපාර්තමේන්තුවෙන් පලා යාමට අනුබල දී ඇති බවත් එය අසාර්ථක වීමෙන් අනතුරුව ඔහු රහසිගතව ඉන්දියාව වෙත පලා ගොස් සැඟව සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් පසුගියදා ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

හරක් කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙන් පලායාමට අනුබලදීම සම්බන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 22 ක් යටතේ නඩු පවරා ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

විමර්ශන නිලධාරින් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වහාම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?