හයේ සීමාවෙන් එළියට යන්න හිස්වැස්මට පිතෙන් පහර දුන් කෝප වූ කොදෙව් දැවැන්තයා (වීඩියෝ)

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වේට්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් පැතිර
යමින් තිබෙනවා.

කේමන් අයිලන්ඩ්ස් ටී 10 තරගාවලියේ තරගයක දී දැවී යෑමක් ගැන නොසතුටට පත් වූ කාලෝස් ඔහුගේ පිත්තෙන් ඔහුගේ හිස්වැස්ම කඩා දමන ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

ග්‍රෑන්ඩ් කේමන් ජගුවර්ස් සහ නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර තරගයේ පන්දුවට පහරදෙමින් සිටි කාලෝස් බ්‍රැත්වේට්ට ලබාදුන් දුර්වල විනිසුරු තීරණයක් හේතුවෙන් ඔහුට දැවීගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරනවා.

විනිසුරුගේ එම දුර්වල තීරණයත් සමඟ කෝපයට පත් බ්‍රැත්වේට් සෙමින් සෙමින් පිටියෙන් ඉවතට ගමන් කරන ආකාරය දැකගත හැකි වනවා.

එහිදී මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා සිය හැඟීම් ප්‍රබල ලෙස ප්‍රදර්ශනය කරමින් තම හිස්වැස්ම ගලවා ඊට ඔහුගේ පිත්තෙන් දැවැන්ත පහරක් එල්ල කරන අතර හිස්වැස්ම සීමාව පසුකර ගොස් බිම පතින වන ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් බ්‍රැත්වේට්ගේ එම ක්‍රියාව බොහෝ පිරිසකගේ උපහාසයට ලක්ව තිබූ අතර ඇතැම් පුද්ගලයින් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට එතරම් සුදුසු නැති ක්‍රියාවක් ලෙසටයි පවසා තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
11
+1
19
+1
3
+1
10
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03