logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

හමුදා හෙලිකොප්ටරයක් ඕස්ට්‍රේලියාවේ දී කඩා වැටෙයි – ඇමරිකානු සෙබළුන් 03ක් මරුට

අභ්‍යාසක් අතරතුර ඕස්ට්‍රේලියාවේ දී හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ඇමෙරිකානු නාවික භටයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

අද සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

MV-22B Osprey වර්ගයේ යානයක් ඩාර්වින් නගරයට උතුරින් පිහිටි තිවි දූපත් වෙත පියාසර කරමින් තිබිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලබා සිටින නාවික සෙබළුන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔවුන් එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, පිලිපීනය, නැගෙනහිර ටිමෝරය සහ ඉන්දුනීසියාව යන රටවල 2,500ක භට පිරිසක් සහභාගී යුද අභ්‍යාසයක් සඳහා සහභාගී වෙමින් සිටි බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ සිටි ඇත්තේ ඇමෙරිකානු සෙබළුන් පමණක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?