හමුදා හෙලිකොප්ටරයක් ඕස්ට්‍රේලියාවේ දී කඩා වැටෙයි – ඇමරිකානු සෙබළුන් 03ක් මරුට

අභ්‍යාසක් අතරතුර ඕස්ට්‍රේලියාවේ දී හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ඇමෙරිකානු නාවික භටයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

අද සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

MV-22B Osprey වර්ගයේ යානයක් ඩාර්වින් නගරයට උතුරින් පිහිටි තිවි දූපත් වෙත පියාසර කරමින් තිබිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලබා සිටින නාවික සෙබළුන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔවුන් එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, පිලිපීනය, නැගෙනහිර ටිමෝරය සහ ඉන්දුනීසියාව යන රටවල 2,500ක භට පිරිසක් සහභාගී යුද අභ්‍යාසයක් සඳහා සහභාගී වෙමින් සිටි බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ සිටි ඇත්තේ ඇමෙරිකානු සෙබළුන් පමණක් බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33