AFC Banner
Empty Ad
Empty Ad

හමුදාවේ 28කට එරෙහි සාක්‍ෂි එකතු කරන්න බැෂලේගේ මල්ලට ලක්‍ෂ 5600ක්

ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වීම නිසා හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහි සාක්‍ෂි එකතු කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට ඩොලර් මිලියන 2.8ක මුදලක් මානව හිමිකම් කවුන්සිලය විසින් වෙන්කර ඇත. මෙය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 5600 කි.

මේ සාක්‍ෂි එකතු කිරීමේ පූර්ණ බලය ඇයට ජිනීවා යෝජනාවෙන් ලැබී තිබේ.

ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයකදී ඉදිරිපත් කිරීම සඳහා එම සාක්‍ෂි සංරක්‍ෂණය කිරීමද ඇයට පැවරෙයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසූවේ වන්නි මෙහෙයුම යටතේ යුද මෙහෙයුම්වලට අදාළ චන්ද්‍රිකා ඡුායාරූප ලබාදෙන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරිය ඇමෙරිකානු ඇඞ්වාන්ස් ඔෆ් සයන්ස් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි.

මේ හැර යුද අපරාධ සාක්‍ෂි නිරීක්‍ෂණයට නීතිවේදී කණ්ඩායමක්ද මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලයේ ස්ථාපිත කෙරේ.

යුරෝපා රටවලදි ශ‍්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගනු ලැබුවොත් ඔහුට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ මෙම නීතිවේදී කණ්ඩායමයි.

කීර්ති වර්ණකුලසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?