හමාස් සාමාජිකයන් 200ක් ඊශ්‍රායල අත්අඩංගුවට

පසුගිය සතිය තුළ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම් සාමාජිකයින් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා තම භූමියට රැගෙන ගිය බව ඊශ්‍රායලය පවසනවා.

ඇතැම් සැකකරුවන් සිවිල් ජනතාව අතර සැඟවී සිට ස්වේච්ඡාවෙන් භාර වූ බවයි ඊශ්‍රායලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඔවුන් පවසන්නේ හමාස් සටන්කාමීන් තුරන් කිරීමේ අරමුණින් ගාසා තීරය ආක්‍රමණය කර හමුදා මෙහෙයුම ආරම්භ කළ දා සිට පලස්තීන සටන්කාමීන් 700ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේවෙතත් හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල ජාතිකයන් අතින් වැඩි වශයෙන් කාන්තාවන් සහ ළමුන් ඝාතනය වන බවයි.

ඊශ්‍රායලය මීට පෙර සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා බව අවධාරණය කර ඇති අතර, ජනාකීර්ණ ප්‍රදේශවලට පැමිණ ඇති බවට හමාස් සංවිධානයට චෝදනා කළා.

හමාස් සටන්කාමීන් ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලය වෙත ඔක්තෝම්බර් 7 වැනි දින පැමිණ 1200ක් මරා දමා 240ක් පමණ ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුවයි ඊශ්‍රායලය සිය ප්‍රතිප්‍රහාර මෙහෙයුම ආරම්භ කළේ.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එම සටන් ආරම්භයේ සිට ගාසා තීරයේ පුද්ගලයින් 20,000කට වැඩි පිරිසක් මිය ගොස් 53,000 ක් තුවාල ලබා තිබෙනවා.

සෙනසුරාදා නවතම තොරතුරුවලට අනුව සිකුරාදා දින පමණක් පුද්ගලයින් 201 දෙනෙකු මියගොස් තවත් 368 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

ඊශ්‍රායලය නිවේදනය කළේ ගාසා තීරයේ සටන් වලදී තවත් තම සොල්දාදුවන් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අනුව තම ගොඩබිම් මෙහෙයුම ආරම්භ කළ දා සිට මියගිය මුළු සෙබළ සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?