AFC Banner
Empty Ad
Empty Ad

හමාස් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා මරා දැමූ බව ඊශ්‍රායලය පවසයි

බටහිර ඉවුරේ තුන්වන දිනටත් ප්‍රධාන මෙහෙයුමක් ක්‍රියාත්මක වන බැවින් ජෙනින් හි පලස්තීන හමාස් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා සහ තවත් සටන්කරුවන් දෙදෙනෙකු මරා දැමූ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් විසාම් හසෙම් මෙලෙස මරා දමා ඇති අතර, අනෙකුත් ත්‍රස්තයන් පලායාමට උත්සාහ කිරීමේ දී ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම පුද්ගලයින් තිදෙනා ජෙනින් හි ගිනිකොන දෙසින් පිහිටි සබාබ්ඩේ නගරය ආසන්නයේ දී එක රැයකින් ඝාතනය කර ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නගරයේ සරණාගත කඳවුරුවල ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලට දැඩි අලාභ හානි සිදුකිරීමෙන් අනතුරුව ඊශ්‍රායල හමුදා තුල්කාර්ම් වෙතින් ඉවත් වූ බවද පලස්තීන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?