ගාසා තීරයේ සටන් විරාමය සම්බන්ධයෙන් දින ගණනාවක් පුරා පැවති භීතියෙන් පසු හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු අද (15) නිදහස් කර තිබෙනවා.
ඊශ්‍රායල-රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් ට්‍රවුෆනොව්, ඊශ්‍රායල-ආර්ජන්ටිනා ජාතික යායර් හෝන් සහ ඊශ්‍රායල-ඇමරිකානු ජාතික සගුයි ඩෙකෙල්-චෙන් යන ප්‍රාණ ඇපකරුවන් මෙලෙස නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් මේ වනවිට ඊශ්‍රායලයට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 369 දෙනෙකු ආපසු නිදහස් කරන බවයි නිවේදනය කර ඇත්තේ.
කෙසේ වෙතත් සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායලයට දොස් පවරා මෙම සති අන්තයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බවයි හමාස් සංවිධානය පසුගිය සදුදා පවසා තිබුණේ.
මේ අතර ඊශ්‍රායල වේලාවෙන් සෙනසුරාදා මධ්‍යහ්නය වන විට ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත්, ගාසා තීරයට නැවත ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය අනතුරු අඟවනු ලැබුවා.
එම අනතුරු ඇඟවීම් මාධ්‍යයේයි හමාස් සංවිධානය මෙම ප්‍රාණ ඇපකරුවන් තිදෙනා අද නිදහස් කළේ.