හමාස් නායකයා සැප පහසුවට රැඳී සිටි භූගත බංකරයේ දර්ශන නිකුත් වෙයි (වීඩියෝ)

පසුගියදා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කළ හමාස් නායක යහ්යා සින්වාර්, ගසා තීරයේ රැඳී සිටි භූගත බංකරයක දර්ශන ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඊශ්‍රායලට එල්ල වූ ඔක්තෝම්බර් 07 ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන යහ්යා සින්වාර් විනාශ වූ ඛාන් යුනිස් නගරයට යටින් ඉතා සැප පහසු අන්දමට සකසා තිබූ මෙම භූගත බංකරය තුළ රැඳී සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මම භූගත බංකරය තුළ තිබී එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ ලාංඡනය සමඟ ලේබල් කර ඇති ආහාර මළු, ඊශ්‍රායල මුදල් මිලියන ගණනක් පිරවූ විශාල සේප්පුවක්, සුවඳ විලවුම් බෝතල් කිහිපයක්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව බංකරයේ දොරට යාබදව, ආයුධ, පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පිරවූ ලොකර් කිහිපයක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊශ්‍රායල මූලාශ්‍රවලට අනුව, සින්වාර් යුද්ධයෙන් වැඩි කොටසක් පොළව යට සැඟවී, හමාස් මෙහෙයුම් මෙහෙයවමින් සිට ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04