හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප්‍රදේශය අභය භූමියක් ලෙස නම් කිරීමට අනුමැතිය

මෙරට භුමි ප්‍රමාණයෙන් 2/3ක පමණ ප්‍රදේශ වල වන අලි ජීවත් වන අතර, විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ සංක්‍රමණ මාර්ග දිනෙන් දින සීඝ්‍රයෙන් අවහිර වීම, අලි – මිනිස් ගැටුම් උග්‍ර වීම සඳහා ඍජුව බලපා තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

එකී ගැටුම් යම් මට්ටමකින් අවම කිරීම සඳහා වන අලින්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ග ආරක්ෂා කිරීම ඉතා කඩිනමින් සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්, පාර්ශ්වකාර ආයතන සහ සංවිධාන සමඟ එක්ව වන අලින්ගේ සංක්‍රමණ මාර්ග හඳුනා ගැනීම මේ වන විට සිදු කරනු ලබනවා.

මොනරාගල දිස්ත්‍රික්කයේ වන අලි සංක්‍රමණ මාර්ග හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ හඳපානාගල සිට දෙමෝදර මැණික් ගඟ හරහා යාල ජාතික වනෝද්‍යානය දක්වා වන අලි සංක්‍රමණ මාර්ගය හඳුනා ගෙන ඇති අතර, ඒ සඳහා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ද අනුමැතිය ලැබී තිබෙනවා.

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක VI ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට උඩවලව ජාතික වනෝද්‍යානය දක්වා අලි සංක්‍රමණය වන මාර්ගය, වැටහිර කන්ද ස්වභාව රක්ෂිතය ලෙස 2002 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ භූමි ප්‍රදේශය තුළ බලපත්‍රලාභී ඉඩම් කට්ටි 05ක් හඳුනා ගෙන ඇති අතර, එම ඉඩම් මෙතෙක් සංවර්ධනය කර නොමැත. ඒ අනුව, පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

  • මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල සිට දෙමෝදර මැණික් ගඟ හරහා යාල ජාතික වනෝද්‍යානය දක්වා වන අලි සංක්‍රමණ මාර්ගය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
  • වැටහිර කන්ද ස්වභාව රක්ෂිත භූමි ප්‍රදේශය තුළ පවතින බලපත්‍රලාභී ඉඩම් කට්ටි 05ක් වෙනුවට වනජීවී රක්ෂිතයට පිටතසුදුසු ස්ථානයකින් විකල්ප ඉඩම් ලබා දී වැටහිර කන්ද ස්වභාව රක්ෂිතය ‘වන පිවිසුමක්’ ලෙස නැවත ප්‍රකාශයට පත් කිරීම.
  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොහොලන්කළ අලිමංකඩ අවහිර වන ලෙස ඉදිකර ඇති ගොඩනැගිලි ඇතුළත් ඉඩම් කොටස් වන්දි ගෙවා අත්කර ගෙන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප්‍රදේශය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
  1. ඕව කිය කියා හිටියට වැඩක් වෙන්නෙ නෑ. ඉක්මනට කරන්නයි ඕනෙ. නැත්නම් කස්සපකය වගේ එවුන් බුදුපිළිමයක් උස්සගෙන ඇවිල්ල ඔතන තියල කියයි මේක බෞද්ධ සිද්ධස්ථානයක් කියල.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44