හම්බන්‌තොට වගා හානි අක්කර 4479ක් දක්වා ඉහළට

මෙම යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන්ට බලපෑ නියඟය තත්ත්වය හේතුවෙන් පසුගිය පළමු වනදා වන විට වාර්තා වී ඇති වගාහානි ප්‍රමාණය අක්කර 60,503.92ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පීඩාවට පත් ගොවීන් ප්‍රමාණය 55,951ක් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය කියාසිටියේ.

මෙම මස පළමුවනදා වනවිට නියඟය හේතුවෙන් සිදුවන වගා හානි ප්‍රමාණය පිළිබඳ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී තිබෙනවා.

එම වාර්තාව සළකා බැලීමේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වගා හානි ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි පෙනී ගොස් ඇත්තේ. ඒ අනුව මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා හානි ප්‍රමාණය අක්කර 4479.25 දක්වාත්, පීඩාවට පත් ගොවීන් ප්‍රමාණය 3696 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් තවමත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය අක්කර 26,644.40ක්. ගොවීන් ප්‍රමාණය 32,144ක් බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ.

දෙවන ස්ථානයට උඩවලවේ කලාපය වාර්තාවන අතර එහි අක්කර 14,667.50ක් වගා හානි සිදුවී ඇති අතර පීඩාවට පත්වූ ගොවීන් ප්‍රමාණය 5867ක්.

මීට අමතරව රත්නපුර අක්කර 1719ක් ( ගොවීන් 2517), මාතලේ අක්කර 1496ක් (ගොවීන් 2225), පොලොන්නරුව අක්කර 1256ක් ( ගොවීන් 482ක්) වශයෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර පසුගිය සිකුරාදා (01) මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති උත්සවයක් අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ නියඟය හේතුවෙන් යම් වගාහානී ප්‍රමාණයක් සිදුවී ඇතත් රට තුළට ලබන මහ කන්නයේ අස්වැන්න නෙළා ගන්නා තෙක් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් සහ වී තොග රට තුළ පවතින බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ අතර දැනට පවතින වර්ෂාව හේතුවෙන් අස්වනු නෙලා ගැනීමට ආසන්න අවස්ථාවේ තිබු හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසටයි අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07