පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට බහුතරයක් හිමිව තිබූ හම්බන්තොට නගර සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගයට හැකියාව ලැබුණා.
එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී.ඒ.ගාමිණි නව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගත්තේ අද (23) පැවති මංගල සැසිවාරයේ දියි.
මේ අතර බහුතර බලය කිසිදු පක්ෂයට හිමිව නොතිබූ මාතලේ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවනු ලැබුවා.
එහිදී එම මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි තේරී පත් වුණා.
ඒ, ඡන්ද 12ක් හිමිකර ගනිමින්.
මෙම නගර සභාවේ උප සභාපතිවරයා ලෙස කම්කරු කොංග්‍රසය නියෝජනය කළ එම්. මෝගන් නිතරගයෙන්ම තේරී පත්ව වුණා.
මේ අතර දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ දී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ, එම තනතුර වෙනුවෙන් පැවති ඡන්ද විමසීමකදීයි.
කෙසේ වෙතත් ඇති වූ තත්ත්වයත් සමඟ සභාව කල් තැබීමට කටයුතු කළ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.













