හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 144 කණුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් පස්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
හබරණ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ වෑන් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් ඊයේ (22) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරෙන් පසු වෑන් රථයේ ගමන්ගත් පස්දෙනෙක් සහ ටිපර් රථයේ රියදුරු කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තුවාල ලබා සිටි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
මියගිය කාන්තාව කින්නියා ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක්.
අනතුර සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.














