spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හඳුනා නොගත් ඒඩ්ස් රෝගියෝ 700ක් සමාජයේ නිදැල්ලේ

හඳුනා නොගත් එච්.අයි.වී. වයිරසය ආසාදිත පුද්ගලයන් 700ක පමණ සංඛ්‍යාවක් සමාජය තුළ සිටින නිසා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවල යෙදෙන්නන්ට මේ වයිරසය ආසාදනයේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ මහතා පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව 2021 වසර අවසන් වන විට ආසාදිතයන් 3,600ක් සොයා ගත යුතු වුවත් එම වසර අවසන් වන විට වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 2,900ක් පමණක් බවත් ඒ අනුව හඳුනානොගත් ආසාදිතයන් 700ක පිරිසක් සමාජය තුළ සිටින බවත් ඒ ප්‍රකාශ කළේය.

ලෝක ඒඩ්ස් මර්දන දිනය අදට (01) යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) පැවසුවේය.

වාර්තා වන එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් සියයට 95ක් ලෙස වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් යැයිද ඔහු පැවසීය.

පසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේදී එච්.අයි.වී. ආසාදිතයන්ගේ වාර්තා වීමේ පැහැදිලි වැඩි වීමක් තිබෙන බවත් පසුගිය වසරේදී ආසාදිතයන් 411ක් වාර්තා වූ අතර, මේ වසරේ ගත වූ මාස 9යේදී පමණක් ආසාදිතයන් 429ක් වාර්තා වූ බවත් ඔහු කීය.

මේ වසරේ ගත වූ මාස 9 දී වාර්තා වූ ආසාදිතයන් 429න් 148ක් අවුරුදු 15ත් 30ත් අතර තරුණ පිරිස යැයි ද ආසාදිතයන් 148න් 8ක් කාන්තාවන් වන අතර, ඉතිරි 140ම පිරිමි පුද්ගලයන් යැයිද ඔහු පැවසුවේය.

ආසාදිතයන් වාර්තා වීමේදී පිරිමි පුද්ගලයන් 5 දෙනකුට එක් කාන්තාවක් ලෙස අනුපාතය පැවති අතර, එය මේ වන විට පිරිමි පුද්ගලයන් 7 දෙනකුට එක් කාන්තාවක් ලෙස ඉහළ ගොස් ඇති බවත් අවුරුදු 15ත් 30ත් තරුණ පිරිස අතර සිටින ආසාදිතයන්ගෙන් පිරිමි 20කට එක් කාන්තාවක් ලෙස වාර්තා වී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?