හදිසි කාලගුණික වෙනස් වීම් නිසා ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක්

මේ වනවිට රට තුළ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම්වල බලපෑම නිසා අප රටට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (04) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවිම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දීයි අමාත්‍යවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ.

පසුගිය දිනවල පැවැති දැඩි නියඟය හමුවේ වී වගා කළ අක්කර 70,000ක් පමණ විනාශ වී ඇති අතර දැනට පළාත් කිහිපයකට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා අස්වනු නෙලීමට ආසන්නව තිබූ අක්කර සිය ගණනක වී වගාව ද විනාශ වී තිබෙනවා.

එමෙන්ම පහතරට එළවළු වගාවන් ද මේ වනවිට වර්ෂාව නිසා විනාශ වී ගොස් ඇතැයි සඳහන්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කර තිබු අක්කර 15,000ක පමණ මුං ඇට වගාවන් ද මුළුමනින්ම විනාශව ගොස් ඇති අතර රටේ සමස්ත මුං ඇට අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ මෙම වගාව තුළින් ලබා ගැනීමට හැකිව පැවතුණා.

මේ නිසා ආහාර අහේනි තත්ත්වයක් උද්ගත වීමට ඇති ඉඩකඩ සම්බන්ධව අවධාරණය කළ අමාත්‍යවරයා හැකි පමණින් ගෙවතුවල එළවළු වගා කිරීමේ වැඩ පිළීවෙළක් හා මෙවර මහ කන්නයේ ආහාර බෝග වගා සැලැස්මක් වහාම ක්‍රියාත්මක කරන ලෙසටයි කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දෙනු ලැබුවේ.

එමෙන්ම කාලගුණික වෙනස්කම් නිසා ආහාර බෝග හානිය සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වහාම ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සකස් කරනු ලබන ආහාර බෝග වගා සැලැස්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙසත්, මේ සඳහා තවත් ආයතන රැසක් සහභාගි කරවා ගැනීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන්නා.

දැනට පවතින වර්ෂාව සහික කාලගුනික තත්ත්වය මෙන්ම මීළඟ යල කන්නයේ දී නැවතත් නියඟය සහිත කාලගුණික තත්ත්වයක් එළඹිය හැකි බවට කාලගුණික අංශ විසින් අනාවැකි පළ කර ඇති නිසා මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේ.

මෙම සාකච්ඡාවට පශු සම්පත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරින් සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15