AFC Banner
Empty Ad
Empty Ad

හදිසියේ ලංකාවට පැමිණි සුපිරි හොලිවුඩ් නළුවා

සම්මාන ලාභී සුපිරි හොලිවුඩ් නළුවෙකු වන ජෝර්ජ් ක්ලූනි රැගත් ඔහුගේ පෞද්ගලික ගුවන් යානය අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණි තිබෙනවා.

ඔහු ලන්ඩනයේ සිට ඔස්ට්‍රෙලියාව දක්වා යන අතර අතරවාරයේ යි මෙලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස ඇත්තේ.

එහිදී ගුවන් යානයට අදාල ඉන්ධන සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආහාර පාන ආදිය කටුනායක ගුවන් තොටුපළින් ලබාගත් බව වාර්තා වනවා.

බැට් මෑන්, ඕෂන්ස් ඉලවන්, ඕෂන්ස් ට්වෙල්ව්, ඕෂන්ස් තර්ටීන්, ඊ.ආර්, මිඩ් නයිට් ස්කයි, අප් ඉන් ද එයාර්, ග්‍රැවිටි,ද ඇමරිකන් ආදී චිත්‍රපට වල රඟපෑම හරහා ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් ජෝර්ජ් ක්ලූනි රංගනය සහ චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් ගෝල්ඩන් ග්ලෝබ් සහ ඇකඩමි සම්මාන රැසක් දිනා ගත් අතිශය සම්මානනීය නළුවෙක්.

ඔහු රැගත් පෞද්ගලික ගුවන් යානය අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්තාවෙ ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාද්‍ය හරහා සංසරනය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?