‘හදවතින් යාපනයට’ පිටත්ව ගිය විශේෂ දුම්රිය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන ‘හදවතින් යාපනයට’ වැඩසටහන ඔස්සේ කොටුව දුම්රියපොළින් යාපනය දක්වා විශේෂ දුම්රියක් අද (13) උදෑසන පිටත්ව ගියා.

යාපනයේ ජනතාව අතර ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනවන ‘හදවතින් යාපනයට’ වැඩසටහන ‘ක්‌ලින් ශ්‍රී ලංකා’ මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබෙනවා.

අද දින සිට පුරා සතියක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, එහි සමාරම්භක උත්සවය කොටුව දුම්රිය ස්ථානයේ දී අද පැවැත්වුණේ ‘ක්ලින් ශ්‍රී ලංකා’ මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානී ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී සුවිශ්වරගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට අනුග්‍රහකත්වය දැක්වූ සමාගම්වල නිලධාරීන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියා.

උදෑසන 6.20ට කොළඹ කොටුවට පැමිණි දුම්රිය 6.40ට කොළඹ කොටුවෙන් යාපනය බලා පිටත්ව ගියා.

පාරිසරික සමාජමය හා ආචාරධර්මික මූලාරම්භයක් සහ ජාතික මට්ටමේ කැපවීම් හා උත්සාහයන් තුළින් ශ්‍රී ලංකාව නැවත නඟාසිටුවීම මෙහි අරමුණ ලෙස දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?