බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහගේ සේවය වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වනවා.
විනය හේතුමත ඔහුගේ සේවය මෙලෙස අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
හතුරුසිංහගේ සේවය පැය 48කට අත්හිටුවා ඇති අතර, වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නිම කිරීමට ද කටයුතු කරන බවයි විදේස් වාර්තා සඳහන් කළේ.
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරුවෙක් වන ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලානය දක්වා බංග්ලාදේශ පිළේ අන්තර්කාලීනව ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1