AFC Banner
AFC Banner
Empty Ad

හතුරුව එළවන්න බංගලි අලුත් ක්‍රිකට් සභාපති සැරසෙයි

බංග්ලාදේශ කණ්ඩායම ඊයේ පළමු වරට පාකිස්ථානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ජයගැනීමට සමත් වුණා.

තරග දෙකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අගෝස්තු 30 වනදා රාවල්පින්ඩි හිදී ආරම්භවීමට නියමිතයි.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහව මෙම ටෙස්ට් තරගාවලියෙන් පසු එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

හතුරුසිංහගේ පවතින කොන්ත්‍රාත්තුව 2025 චැම්පියන්ස් කුසලානය දක්වා පැවතිය ද එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති ෆාරුක් අහමඩ් විසින් මෙම තිරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

හතුරුසිංහගේ අනාගතය පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනෙකුත් සමාජිකයින සමඟ සාකච්ඡා කර අවසන් බවයි ෆාරුක් අහමඩ් පැවසුවේ.

සභාපති ෆාරුක් අහමඩ් පවසන්නේ 2017 වසරේ දී හතුරුසිංහ බංග්ලාදේශය කණ්ඩායම අමාරුවේ දමා පිටව ගොස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගත් බවයි.

“ඔහුව ආපසු ගෙන ආ අය හිතුවේ ඔහු මැජික්කාරයෙක් කියලා. ඔවුන් සිතුවේ හතුරුසිංහ පමණක් මේ සාර්ථකත්වයේ බුබුල නිර්මාණය කළ බවයි. ක්‍රිකට් කියන්නේ මැජික් එකක් නෙවෙයි. බංග්ලාදේශයේ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, තේරීම් කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන්ගේ එකතුවක්. ඔහුගේ විශ්වසනීයත්වය සහ ඔහු පිටියේ සහ ඉන් පිටත කර ඇති දේ පිළිබඳ පසුබිම, ඔහුට බංග්ලාදේශයේ පුහුණුකරු ලෙස සිටීමට කිසිදු හේතුවක් නෑ.ඔහුව නෙරපා දැමුවහොත් යම් මුදලක් අහිමි වනු ඇති නමුත් ඔහු පැමිණීමෙන් විශාල හානියක් සිදුවනු ඇත. ඔහුට වැඩ කිරීමට අවශ්‍ය පරිසරයේ වැඩ කිරීමට නොහැකි බව මම දුටුවා.” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ෆාරුක් අහමඩ් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හතුරුසිංහට වඩා හොඳ පුහුණුකරුවෙක් බංග්ලාදේශයට සොයාගත හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
47
+1
8
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?