හතුරුව එළවන්න බංගලි අලුත් ක්‍රිකට් සභාපති සැරසෙයි

බංග්ලාදේශ කණ්ඩායම ඊයේ පළමු වරට පාකිස්ථානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ජයගැනීමට සමත් වුණා.

තරග දෙකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අගෝස්තු 30 වනදා රාවල්පින්ඩි හිදී ආරම්භවීමට නියමිතයි.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහව මෙම ටෙස්ට් තරගාවලියෙන් පසු එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

හතුරුසිංහගේ පවතින කොන්ත්‍රාත්තුව 2025 චැම්පියන්ස් කුසලානය දක්වා පැවතිය ද එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති ෆාරුක් අහමඩ් විසින් මෙම තිරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

හතුරුසිංහගේ අනාගතය පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනෙකුත් සමාජිකයින සමඟ සාකච්ඡා කර අවසන් බවයි ෆාරුක් අහමඩ් පැවසුවේ.

සභාපති ෆාරුක් අහමඩ් පවසන්නේ 2017 වසරේ දී හතුරුසිංහ බංග්ලාදේශය කණ්ඩායම අමාරුවේ දමා පිටව ගොස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගත් බවයි.

“ඔහුව ආපසු ගෙන ආ අය හිතුවේ ඔහු මැජික්කාරයෙක් කියලා. ඔවුන් සිතුවේ හතුරුසිංහ පමණක් මේ සාර්ථකත්වයේ බුබුල නිර්මාණය කළ බවයි. ක්‍රිකට් කියන්නේ මැජික් එකක් නෙවෙයි. බංග්ලාදේශයේ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, තේරීම් කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන්ගේ එකතුවක්. ඔහුගේ විශ්වසනීයත්වය සහ ඔහු පිටියේ සහ ඉන් පිටත කර ඇති දේ පිළිබඳ පසුබිම, ඔහුට බංග්ලාදේශයේ පුහුණුකරු ලෙස සිටීමට කිසිදු හේතුවක් නෑ.ඔහුව නෙරපා දැමුවහොත් යම් මුදලක් අහිමි වනු ඇති නමුත් ඔහු පැමිණීමෙන් විශාල හානියක් සිදුවනු ඇත. ඔහුට වැඩ කිරීමට අවශ්‍ය පරිසරයේ වැඩ කිරීමට නොහැකි බව මම දුටුවා.” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ෆාරුක් අහමඩ් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හතුරුසිංහට වඩා හොඳ පුහුණුකරුවෙක් බංග්ලාදේශයට සොයාගත හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15