හත් හැවිරිදි දැරියකට මරු කැඳ වූ අධික වේගය

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් වේග පාලනය කරගැනීමට නොහැකිව නිවසකට කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් හත් හැවිරිදි දැරියක් ඊයේ (23) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

නිවස ඉදිරිපිට මිදුලේ පාපැදියක් පදිමින් සිටි දැරියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මොරගහහේන,පොල්වත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව දැරිය පදිංචි නිවසේ ගේට්ටුව ද කඩාගෙන මිදුලට කඩා වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසනවා.

මෝටර් රථය මිදුලට කඩා වැදීමත් සමඟම දැරිය පදිමින් සිටි පාපැදියේ ගැටී එයත් සමඟ ඉදිරියට ඇදී ගොස් මෝටර් රථය නැවතී ඇතැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?