හත් හැවිරිදි දැරියකට මරු කැඳ වූ අධික වේගය

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් වේග පාලනය කරගැනීමට නොහැකිව නිවසකට කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් හත් හැවිරිදි දැරියක් ඊයේ (23) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

නිවස ඉදිරිපිට මිදුලේ පාපැදියක් පදිමින් සිටි දැරියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මොරගහහේන,පොල්වත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව දැරිය පදිංචි නිවසේ ගේට්ටුව ද කඩාගෙන මිදුලට කඩා වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසනවා.

මෝටර් රථය මිදුලට කඩා වැදීමත් සමඟම දැරිය පදිමින් සිටි පාපැදියේ ගැටී එයත් සමඟ ඉදිරියට ඇදී ගොස් මෝටර් රථය නැවතී ඇතැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12