හක්කපටස් එකක් පෑගීමෙන් ළමයෙකුට තුවාල

අලදෙණිය උල්ලඳුපිටිය මීමැසි උද්‍යානය ආසන්නයේ දී හක්කපටස් එකක් පෑගීමෙන් පිරිමි ළමයෙකු තුවාල ලබා තිබෙනවා.

එම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙකු නිවස අසල මාර්ගයේ තිබූ බෝලයක් වැනි යමක් දැක එය පෑගීමේදී පුපුරා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එහිදී මෙම පිරිමි ළමයාගේ දකුණු පාදයේ ඇගිලිවලට තුවාල සිදුවී තිබෙනවා.

එම අවස්ථාවේ රාජකාරී කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි පොලිස් නිලධාරිනියක් විසින් තුවාල ලැබූ දරුවා තිත්තපජ්ජල රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරුව පොලිසිය විසින් එම පිපිරීම සිදු වූ ස්ථානය අවට පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒ ආසන්නයේ තිබූ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙරට නිෂ්පාදිත හක්කපටස් 9ක් සමග අදාළ නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි පුද්ගලයෙකු සහ ඔහු සමග රැඳී සිටි තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 25 සහ 27 වයස්වල පසුවන ගලෙන්බිඳුනු වැව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ සතුන් දඩයම් කිරීම සඳහා මෙම හක්කපටස් නිෂ්පාදනය කර ඇති බවටයි.

ඉවත දමන කුකුල් මස් කොටස් මිශ්‍ර කර සකස් කරන හක්කපටස් සැකකරුවන් විසින් ඌරන් ගැවසෙන ස්ථානවල තබන බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

එලෙස තැබූ හක්කපටස් එකක් වර්ෂාවත් සමග පාරට ගසාගෙන පැමිණ ඇති අතර මෙම සිසුවා පාගා ඇත්තේ එය බවට අනාවරණ වී තිබෙනවා.

තුවාල ලැබූ පිරිමි ළමයාගේ පාදයට සැත්කමක් සිදු කිරීමට නියමිත බව සඳහන්.

අලදෙණිය පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07