හක්කපටස් එකක් පෑගීමෙන් ළමයෙකුට තුවාල

අලදෙණිය උල්ලඳුපිටිය මීමැසි උද්‍යානය ආසන්නයේ දී හක්කපටස් එකක් පෑගීමෙන් පිරිමි ළමයෙකු තුවාල ලබා තිබෙනවා.

එම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙකු නිවස අසල මාර්ගයේ තිබූ බෝලයක් වැනි යමක් දැක එය පෑගීමේදී පුපුරා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එහිදී මෙම පිරිමි ළමයාගේ දකුණු පාදයේ ඇගිලිවලට තුවාල සිදුවී තිබෙනවා.

එම අවස්ථාවේ රාජකාරී කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි පොලිස් නිලධාරිනියක් විසින් තුවාල ලැබූ දරුවා තිත්තපජ්ජල රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරුව පොලිසිය විසින් එම පිපිරීම සිදු වූ ස්ථානය අවට පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒ ආසන්නයේ තිබූ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙරට නිෂ්පාදිත හක්කපටස් 9ක් සමග අදාළ නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි පුද්ගලයෙකු සහ ඔහු සමග රැඳී සිටි තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 25 සහ 27 වයස්වල පසුවන ගලෙන්බිඳුනු වැව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ සතුන් දඩයම් කිරීම සඳහා මෙම හක්කපටස් නිෂ්පාදනය කර ඇති බවටයි.

ඉවත දමන කුකුල් මස් කොටස් මිශ්‍ර කර සකස් කරන හක්කපටස් සැකකරුවන් විසින් ඌරන් ගැවසෙන ස්ථානවල තබන බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

එලෙස තැබූ හක්කපටස් එකක් වර්ෂාවත් සමග පාරට ගසාගෙන පැමිණ ඇති අතර මෙම සිසුවා පාගා ඇත්තේ එය බවට අනාවරණ වී තිබෙනවා.

තුවාල ලැබූ පිරිමි ළමයාගේ පාදයට සැත්කමක් සිදු කිරීමට නියමිත බව සඳහන්.

අලදෙණිය පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42