හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතන සිද්ධියේ සුලමුල එළියට

කප්පම් ලබා නොදීමේ සිද්ධියක් මුල්කරගෙන හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුව නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඝාතනය කෙරුණේ ඊයේ (30) රාත්‍රියේ දී ඔහුගේ නිවසේ දීයි.

ඩුබායිහී සැඟව සිටින ලලිත් කන්නන්ගර නමැති පාතාල කල්ලි සාමාජිකයා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි හෙළි ව ඇත්තේ.

මේ සමගම ඔහු කප්පම් ඉල්ලූ ව්‍යාපාරිකයන් පිරිසක් එම ප්‍රදේශයේ නිවෙස් අතහැර ගොස් ඇති බව ද පොලිසිය පවසනවා.

එම ව්‍යාපාරිකයන් ඔහුගේ මරණ තර්ජනවලට ඇති බිය හේතුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම ද ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම සිදුවීම් සියල්ල සම්බන්ධයෙන් බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත් වාර්තා වනවා.

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී 8.15ට පමණ පැමිණි නාඳුනන තුවක්කුකරුවකු එහි පදිංචිව සිටි ව්‍යාපාරිකයාව ඝාතනය කළේ ඔහු නිවසෙහි ආලින්දයේ අසුන්ගෙන සිටියදීයි.

වෙඩික්කරු අපරාධය සඳහා නිවසෙහි වූ තාප්පයකින් පැන පැමිණෙන අයුරු සහ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු වෙඩික්කරු පළා යන ආකාරය ද සීසීටීවී කැමරාවක සටහන්වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ වජිර නිශාන්ත නමැති 55 හැවිරිදි ව්‍යාපාරිකයා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි බවයි වාර්තා වූයේ.

මියගිය පුද්ගලයාගේ නිවසට 2021 වසරේ ද වෙඩි තබා ඇති අතර ඔහුගේ ව්‍යාපාරික ස්ථානයකට ද ගිනි තබා තිබෙනවා.

ලලිත් කන්නන්ගර නමැත්තා මීට පෙර අවස්ථා ගණනාවකදීම ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඇති අතර එම මුදල් ලබානොදීම නිසා ඔහුට හා පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන සිදුකර තිබෙන බවත් හෙළි ව තිබෙනවා.

අවසන් කාලයේදී අදාළ ව්‍යාපාරිකයා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ලලිත් කන්නන්ගර නමැත්තා උරණව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ලලිත් කන්නන්ගර බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කිරීමට කොළඹට පැමිණි මුල් අවධියේ ඔහුව සිය නිවසේ රඳවාගෙන උදව් උපකාර කරනු ලැබ ඇත්තේ ද ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා විසින්.

එමෙන්ම අදාළ පුද්ගලයාට රියදුරු බලපත්‍රය ද සකස්කර දී ඇත්තේ, ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා බවයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40