සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මියගොස් ඇත්තේ.
ටික කලක් පිළිකා රෝගයට ගොදුරුවීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසු වුණා.
ඔහුගේ අවසන් කටයුතු කොවිඩ් මර්දන නීති රීති අනුව සිදු කෙරෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




