සෞඛ්‍ය වර්ජනයෙන් රෝගීන් ට පීඩා – කොවිඩ් රෝහලකත් සේවකයින් වර්ජනයේ

රුපියල් 7,500ක කොවිඩ් සහාන දීමනාව නතර කිරීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 44ක් අද උදෑසන 7.00 සිට සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

වර්ජනය නිසා ප්‍රතිකාර සඳහා පැමිණි ජනතාව දැඩි පීඩාවට පත්විය.

රුපියල් 7,500ක කොවිඩ් සහාන දීමනාව ලබාදීම, කොවිඩ් විශේෂ නිවාඩු කප්පාදුවකින් තොරව ලබාදීම, අතිකාල නිවාඩු දින ගෙවීම් සීමාවන් ඉවත් කිරීම, සියලුම සේවාවන්වල පුරප්පාඩු පිරවීම, සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් කිරීම සහ මාණ්ඩලික සේවා තත්ත්වයට අදාළ චක්‍රලේඛ වහා නිකුත් කිරීම ආදී ඉල්ලීම් 8ක්  මුල්කරගනිමින් විරෝධතාවය ක්‍රියාත්මක විය.

සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පැවසුවේ වර්ජනය අද දහවල් 12 දක්වා පැය 5 ක කාලයක් ක්‍රියාත්මක කළ බවය.

වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මහනුවර ජාතික රෝහල ඇතුළු දිවයිනේ සියලු රෝහල්වල සේවා අඩපණ වී තිබුණි.

මාතෘ හා ළමා රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහල වැනි විශේෂිත රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවීය.

කොවිඩ් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල වර්ජනය ක්‍රියාත්මක නොකරන බව පැවසුවත් කොවිඩ් රෝගීන් සඳහාම වෙන්වූ හෝමාගම මූලික රෝහලේ අද වර්ජනය ක්‍රියාත්මක වුණි.

මේ හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වූ එන්නත්කරණ වැඩසටහනද අද පස්වරු 1 දක්වා තාවකාලිකව නතර කිරීමට සිදුවිය.

මේ අතර සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයද මෙම වර්ජනයට සහාය දක්වා තිබුණි.

වර්ජනය අද මධ්‍යහන 12ට අවසන් කිරීමෙන් අනතුරුව රෝහල් සහ සෞඛ්‍ය ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වුණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56