AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාටත් කොරෝනා

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගන්නට ඇත.

අද (22) සවස නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක් අවසානයේදී මේ බව අනාවරණය වී ඇති බව දැනගන්නට තිබේ.

මේ දිනවල බැසිල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් රැස්වීම් පවත්වන අතර ඊයේ දිනයේදී පැවැති කළුතර රැස්වීමට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, රෝහිත අබේගුණවර්ධන මහතාත් සහභාගීව ඇති බව දැනගන්නට ඇත.

පසුව අද පැවැති රැස්වීම අවසානයේදී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වී ඇති බවට වූ පුවත වාර්තා වී ඇති අතර එහිදී කලබලයට පත් බැසිල් රාජපක්ෂ මහතා රැස්වීම අතරමග නවතා ඇති බවද දැනගන්නට තිබේ.

ඇතැම් මාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ලබා දුන් ධම්මික කපු මහතාගේ පැණිය පළමුවෙන්ම ප්‍රසිද්ධියේ භාවිත කරනු ලැබුවේද ස‌ෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?