සෞඛ්‍ය සේවිකාවකට වූ අකරතැබ්බය

සෞඛ්‍ය සේවිකාවකට පෙරේදා (24 දා) රාත‍්‍රී ලිංගික අතවර කළ පුද්ගලයකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදී තෙබුවන පොලිසියට භාරදී ඇතැයි උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය. නෑබඩ, වෝගන් වත්ත ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු මෙසේ පොලිසියට භාරදී ඇතැයි පැවසේ.

දෙදරු මවක වූ 33 හැවිරිදි සෞඛ්‍ය සේවිකාව නාගොඩ මහ රෝහලේ සේවය නිමවා බසයෙන් පැමිණ රාත‍්‍රී 7.15 ට පමණ හැලබගොඩ ප‍්‍රදේශයේ පාගමනින් යමින් සිටියදී මුදල් ගෙන ඔහු සමග සිටීමට පැමිණෙන ලෙස අතින් ඇද ඇති බවට පැමිණිලිකාරිය ප‍්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි.

වින්දිත කාන්තාව බිය වී කෑගැසීමත් සමගින් ප‍්‍රදේශවාසීන් එක්ව සැකකරු අල්ලා පහරදී පොලිසියට භාරදුන් බව සඳහන් වේ.

ප‍්‍රදේශවාසීන් කළ පහරදීම්වලින් සැකකරුගේ මුහුණේ සහ ශරීරයේ ස්ථාන කිහිපයක තැලීම් සහ සීරීම් තුවාල සිදුව ඇතැයිද පොලිසිය කියයි.

සැකකරු සමඟින් තවත් පුද්ගලයකු යතුරු පැදියකින් පැමිණි බවට අනාවරණය වී ඇති බවත්, ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?