සෞඛ්‍ය, ඛනිජතෙල් සහ විදුලියට ගැසට්ටුවක් නිකුත් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද( 03) සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බිදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කරමින්.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය යටතේ, ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.මීට පෙරද මෙම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට නියම කරමින් ජනාධිපතිට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022-08-03 දිනැතිව නිවේදනයක් නිකුත් කරන ලදී.

උක්ත පනතේ 3(2) වන වගන්තියේ ප්‍රතිපාදන අනුව, එම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් වෙත දන්වන ලද අතර, එම යෝජනාව සම්මත වීමෙන් පසුව එම නියෝගය මාසයක කාලයක් සඳහා වලංගුව පැවතුනි. ඒ අනුව එකී නිවේදනයේ වලංගු කාලය 2022-09-02 දිනෙන් පසුව අවසන් විය.

නැවතත් විෂය භාර අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු හෙයින් 2022 සැප්තැම්බර් 03 දින සිට උක්ත සඳහන් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40