සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම් ගැන සාකච්ඡාවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස්වූ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහභාගී වුණා.

මෙහිදී ඖෂධ බෙදා හැරීමේදී ඇතිවන අභියෝග, විදේශ ආධාර මගින් ඖෂධ ලබා ගැනීමේ දී ඇතිවන ගැටළු, ඖෂධවල තත්ත්ව සහතිකය, ඖෂධ මිල නියාමනය කිරීමේ අවශ්‍යතාවය, ඖෂධ හිඟය, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය ඇතුලු කරුණු පිලිබඳව නිලධාරීන් ඉදිරිපත්කිරීම් (Presentation) සහිත පැහැදිලි කිරීම් සිදු කර තිබෙනවා. එසේම පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එසේම අත්‍යාවශ්‍ය ඖෂධ 96ක් නිෂ්පාදනය කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) විසින් බවත්, 2022 වසරේ නව ඖෂධ වර්ග 9ක් ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් නව ඖෂධ වර්ග 20ක් හඳුන්වා දීමට නියමිත බවත් මෙහිදී නිලධාරීන් විසින් දැනුම් දෙනු ලැබුවා. තවද, මෙලෙස නිෂ්පාදනය කරන අතිරේක ඖෂධ අපනයනය කිරීමේ හැකියාවන් පිළිබඳව සොයා බලන බවද නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?