සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම් ගැන සාකච්ඡාවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ රැස්වූ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහභාගී වුණා.

මෙහිදී ඖෂධ බෙදා හැරීමේදී ඇතිවන අභියෝග, විදේශ ආධාර මගින් ඖෂධ ලබා ගැනීමේ දී ඇතිවන ගැටළු, ඖෂධවල තත්ත්ව සහතිකය, ඖෂධ මිල නියාමනය කිරීමේ අවශ්‍යතාවය, ඖෂධ හිඟය, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය ඇතුලු කරුණු පිලිබඳව නිලධාරීන් ඉදිරිපත්කිරීම් (Presentation) සහිත පැහැදිලි කිරීම් සිදු කර තිබෙනවා. එසේම පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එසේම අත්‍යාවශ්‍ය ඖෂධ 96ක් නිෂ්පාදනය කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) විසින් බවත්, 2022 වසරේ නව ඖෂධ වර්ග 9ක් ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් නව ඖෂධ වර්ග 20ක් හඳුන්වා දීමට නියමිත බවත් මෙහිදී නිලධාරීන් විසින් දැනුම් දෙනු ලැබුවා. තවද, මෙලෙස නිෂ්පාදනය කරන අතිරේක ඖෂධ අපනයනය කිරීමේ හැකියාවන් පිළිබඳව සොයා බලන බවද නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15