සෞඛ්‍ය ඇමති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ හදිසි නිරීක්ෂණයක

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ ඖෂධ ක්ෂේත්‍රය පත්ව ඇති බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ, අනුව ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්වත් කිරීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බවත් අමාත්‍යවරයා පවසනවා.

නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම ආයතනයේ දැක්ම සාර්ථක කරමින් ආයතනයේ කටයුතු වඩා විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍යවරයා ආයතනයේ සභාපතිවරයා සහ පාලන අධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවක ද මෙහිදී නිරත වුණා.

ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් සොයා බැලූ අමාත්‍යවරයා ඉදිරියේ දී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව පාලන අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබාදීම ද සිදුකරනු ලැබුවා.

මෙහි දී ආයතනික සමාජ වගකීම්, රසායනාගාර පහසුකම්, පූර්ව සහ අලෙවිකරණ තත්ත්ව සහතික නිකුත් කිරීම්, දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන් ම ආයතනයේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ද අමාත්‍යවරයා සිය අවධානය යොමුකර සිටියා.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ සියළු මෙහෙයුම් කටයුතු එක් එක් අංශ වෙත ගොස් පෞද්ගලිකවම නිරීක්ෂණය කළ අතර, එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටළු පිළිබඳව කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?