සෝල් නුවර තෙරපීමෙන් මියගිය මෙරට තරුණයාගේ පවුල වෙත මූල්‍යාධාරයක්

දකුණු කොරියාවේ සෝල් නුවර පැවති හැලොවින් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් මියගිය ශ්‍රී ලාංකික තරුණයාගේ පවුල වෙත මූල්‍යාධාරයක් ලබාදීමට කොරියානු රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මෙරට කොරියානු තානාපති සැන්තුෂ් වොන්ජින් ජියෝන්ග් අතර පැවති සකච්ඡාවක දී තානාපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

හැලොවින් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් මහනුවර – උඩතලවින්න මඩිගේ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ජිනාත් නමැති තරුණයා මියගොස් තිබුණා.

මීට අමතරව මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?