විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ 15 වන දින සේරුනුවර පොලිස් වසමේ පන්සල් ගොඩැල්ල, සෝමාවති රක්ෂිත ප්රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී අනවසරයෙන් සෝමාවති රක්ෂිතයට ඇතුළු වී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් භාවිතා කරමින් වන සතුන් දඩයම්කර එම මස් ප්රවාහනය කරමින් සිටි සේරුනුවර ප්රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු ගිණි අවියක් තියුණු පිහි 02 ක් හා යතුරු පැදි 02 සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ස්වාභාවික පරිසර පද්ධතිය අලංකාර කරන මෙම වන සතුන් නිරන්තරයෙන්ම දඩයම් කිරීම මගින් ජෛව විවිධත්වය ට සිදුවන හානිය අතිමහත්ය . විශේෂ කාර්ය බලකාය මෙයට පෙරද අවස්ථා ගනනාවකදී මෙම දඩයක්කරුවන් අත්අඩංගුවට ගනිමින් වන සතුන් සහ පරිසරය සුරැකීමට කැපවී ඇත.
