AFC Banner
Empty Ad
Empty Ad

සෝභිත හිමි කියන්නේ පච..- කුමුදේශ්

ක්ෂණික දේහ ජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රුපියල් අසූවකට ලබාගත හැකි යැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශය අසත්‍යක් බව රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ලොව පුරා දැනට මෙම නිෂ්පාදන වර්ග දෙසීයක් පමණ ඇති බවත් ඒවා ඩොලර් දෙකේ සිට දහය දක්වා පරාසයක පවතින බවත්ය.

මෙරටට ගෙන්වන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කර ඇති ඒවා බවද පැවසූ ඔහු ඒ සඳහා උපරිම මිල රුපියල් 1146 ලෙස මිල නියම කර ඇති බව ද කියා සිටියේය.

ලොව කිසිදු රටකින් රුපියල් 80 කට එම පරීක්ෂණ කට්ටල මිලදී ගත නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?