සොරුන්ගේ අලුත් උපක්‍රමයක් : දඹුල්ලේ නිවසකම සුද්ද කරයි

රසායනික ද්‍රව්‍ය ස්ප්‍රේ කොට නිවැසියන් නිදි ගන්වා දඹුල්ල මිරිස්ගෝනියාව හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඊයේ අලුයම ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් රන් භාණ්ඩ සහ මෝටර් රථයක් කොල්ලකා පලාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසනවා.

අලුයම 3.00ට පමණ මෙම කොල්ලකරුවන් නිවසේ පිටුපස ප්‍රදේශයෙන් ඇතුළු වී නිවසේ ඉදිරිපිට ජනේලයක යකඩ රාමු ගලවා නිවසට ඇතුළු වී නිවසේ තිබූ සෑම ස්ථානයක්ම පරීක්ෂා කොට තද නින්දේ පසු වූ නිවසේ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් තිබෙනවා.

කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය කඩන අවස්ථාවේදී ඇයට සිහිය පැමිණ බලද්දි නිවසට ඇතුළු වූ පුද්ගලයා පලා ගිය බව ඇය පොලිසියට සඳහන් කර තිබෙනවා.

නිවසේ තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාව ද මෙම කොල්ලකරුවන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පැවසුවේ.

නිවසේ තිබූ මුදල් සහ රන්භාණ්ඩ රැගෙන නිවසේ ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය ද රැගෙන පලා ගිය බව නිවැසියන් පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.

මේ පිළිබඳව සොයා බැලීමේදී දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ඔවුන් රැගෙන ගිය මෝටර් රථය දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

නිවැසියන් පොලිසියට කියා ඇත්තේ උදෑසන වන විට තම නිවසේ කාමරවල දැඩි දුර්ගන්ධයක් සමග මත් වන ස්වභාවයක් හුස්ම ගැනීමේ ඇති වූ බවයි.

එමෙන්ම නිවසේ ඇතිකළ සුනඛයාද සිහිමද ගතියකින් පසුවන බවද නිවැසියන් පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා.

මෙම නිවස ඉතා ආරක්ෂිතව තිබූ නිවසක් බවත් තාප්ප බැඳ ගේට්ටු සවි කොට ආරක්ෂිත කැමරා පද්ධති සවි කොට තිබුණු නිවසක් මේ ආකාරයෙන් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වී තිබෙන බවද පොලිසිය කියයි.

මීට වසර කිහිපයකටකට ඉහත දී මේ ආකාරයෙන්ම මෙම නිවසය කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබි තිබෙනවා.

ඒ අවස්ථාව වන විට මෙම නිවසේ වෙනත් පිරිසක් පදිංචිව සිටි බවත් මෙම පිරිස් කුලී පදනම මත නිවසේ රැඳී සිටින පිරිසක් බව පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40