සේවා කාලය අවසන් කිරීමට නියමිත කියුබානු තානාපති, කතානායකවරයා හමුවෙයි

මෙරට සිය සේවා කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ ඊයේ (14) කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර ද සහභාගීව සිටියා.

මෙහිදී තානාපති ගොන්සාලෙස් ගැරිඩෝ, ශ්‍රී ලංකාවේ වසර හතරහමාරක සේවා කාලය තුළ තමාට සහ ඔහුගේ දූත පිරිසට ලබා දුන් සහයෝගය සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් කතානායකවරයාට සිය කෘතඥතාව පළ කළා.

විශේෂයෙන් දසවැනි පාර්ලිමේන්තුව සඳහා පසුගියදා පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව සහ වැදගත්කම ඔහු අවධාරණය කර සිටියා.

සිය මෙහෙවර සාර්ථකව නිම කිරීමට හැකිවීම පිළිබදව කතානායකවරයා විසින් තානාපතිවරයාට සුබ පැතුම් එක්කළ අතර, දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා තානාපතිවරයාගේ කැපවීම ඇගයීමට ලක් කළා.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළ කතානායකවරයා, සහයෝගය අවශ්‍යවූ අවස්ථාවලදී කියුබාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවත්, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කළ බවත් සඳහන් කර සිටියා.

මෙම දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඔහු මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට කියුබාව ලබාදී ඇති සහයෝගය පිළිබඳව ද කතානායකවරයා සිය කෘතඥතාව පළ කරනු ලැබුවා.

වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සිය අත්දැකීම් සිහිපත් කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ සේවය කළ කියුබානු වෛද්‍යවරුන්ගේ මනුෂ්‍යත්වය, කැපවීම සහ සේවය ප්‍රශංසනීය බවයි.

ශ්‍රී ලංකාවේ කියුබානු ආයෝජන වැඩි කිරීම සඳහා ආරාධනා කළ කතානායකවරයා, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පුළුල් තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48