සෙල්ෆි ගන්න පාලමට නැගී තරුණයා දුම්රියට බිලි

වවුනියාව, සෙට්ටිකුලම් කල්ලාරු පාලම මත නැගී සෙල්ෆි ජායාරූප ගැනීමට ගිය තරුණයෙකු දුම්රියේ ගැටීමෙන් අද උදෑසන ජිවිතක්ෂයට පත්ව ඇති බව සෙට්ටිකුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ තරුණයින් දෙදෙනෙකු තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා ගමන්ගත් දුම්රිය පැමිණෙන අවස්ථාවේ පාලමේ සිට සෙල්ෆි ජායාරූප ගැනීමට ගොස් ඇති අතර, දුම්රිය පැමිණෙන අවස්ථාවේ තරුණයෙකු දුම්රිය මාර්ගයේ ඇද වැටීමෙන් අනතුරුව දුම්රියේ ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනෙක් තරුණයා දුම්රිය පැමිණෙනු දැක පාලමෙන් ජලයට පැන දිවි බේරාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කර සිටියා.

අනතුරින් මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?