සෙල්ෆි ගන්න පාලමට නැගී තරුණයා දුම්රියට බිලි

වවුනියාව, සෙට්ටිකුලම් කල්ලාරු පාලම මත නැගී සෙල්ෆි ජායාරූප ගැනීමට ගිය තරුණයෙකු දුම්රියේ ගැටීමෙන් අද උදෑසන ජිවිතක්ෂයට පත්ව ඇති බව සෙට්ටිකුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ තරුණයින් දෙදෙනෙකු තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා ගමන්ගත් දුම්රිය පැමිණෙන අවස්ථාවේ පාලමේ සිට සෙල්ෆි ජායාරූප ගැනීමට ගොස් ඇති අතර, දුම්රිය පැමිණෙන අවස්ථාවේ තරුණයෙකු දුම්රිය මාර්ගයේ ඇද වැටීමෙන් අනතුරුව දුම්රියේ ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනෙක් තරුණයා දුම්රිය පැමිණෙනු දැක පාලමෙන් ජලයට පැන දිවි බේරාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කර සිටියා.

අනතුරින් මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23