සූරියවැව දැරියගේ සිද්ධියේ සුලමුල හෙළිවෙයි – පියා සහ බාප්පා සියල්ල පාපොච්චාරණය කරයි

සූරියවැව, බැද්දෙවැව ගම්මානයේ පදිංචිව සිටි දැරියක් ගිනි අවි පෙන්වා පැහැර ගැනීමේ සිද්ධියෙහි සුල මුළ අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

මෙම දැරියගේ මව වෙනත් පුරුෂයෙකු සමග වෙනම ජීවත්වන අතර දැරිය ජීවත් වී ඇත්තේ සිය පියා සමග යි.

පසුගිය 04 වැනි දා අළුයම් කාලයේ දී යතුරුපැදිවලින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පිරිසක් සිය නිවසට කඩා වැදී ආයුධ පෙන්වා බිය ගන්වා සිය දියණිය පැහැරගෙන ගිය බව පවසමින් දැරියගේ පියා පොලීසියේ පැමිණිල්ලක් කොට තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර එහි දී පොලීසියට නිරීක්ෂණය වී දැරියගේ පියාගෙන් සිද්ධිය පිළිබඳව සිදුකල ප්‍රශ්ණ කිරීමේදී ලබා දී ඇති සාක්ෂි පරස්පරවිරෝධී බව යි.

අනතුරුව ඇති වූ සැකය මත දැරියගේ පියා සහ ඔහුගේ බාල සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

දිගින් දිගටම කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්දැයි පාපොච්ඡාරණය කිරීමට ඔවුන් දෙදෙනා කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ දැරිය පැහැරගෙන යාමේ සිදුවීම සම්පූර්ණයෙන්ම දැරියගේ පියාගේ සහ ඔහුගේ බාල සොයුරාගේ නිර්මාණයක් බවයි.

මීට මාස එක හමාරකට පමණ පෙර සිට වෙනත් පුද්ගලයෙකු සමග ගොස් සිටින දැරියගේ මව පොලීසිය වෙත ගෙන්වා ගැනීමත්, මෙම පැහැර ගැනීමේ සිද්ධියට ඇයව හසු කිරීමත් ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

දැරියගේ පියාගෙන් වැඩිදුරටත් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී ඔහු අනාවරණය කර ඇත්තේ පැහැරගැනීම සිදුවූ බවට පැවසූ දිනට පෙර දින, එනම් 03 වැනි දා තමා සිය දියණිය සූරියවැව ඥාතිවරයෙකුගේ නිවසක නතර කර පැමිණි බවයි.

අනතුරුව පසු දා (04) උදෑසන සිය දියණිය පැහැරගත් බවට පොලීසියට පැමිණ පැමිණිලි කළ බව ඔහු ප්‍රකාශ කොට තිබෙනවා.

අදාළ පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව දැරියගේ පියා, සිය දියණිය සිටි ඥාති නිවසින් ඇයව රැගෙන ගොස් දික්වැල්ල, දොඩම්පහල ප්‍රදේශයේ පදිංචි බිරිදගේ ඥාතිවරයෙකුගේ නිවසකට යවා ඇති බව ද පොලීසිය අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (05) ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප හතරක් මත නිදහස් කරන ලෙසට නියොග කර ඇති අතර ඉදිරි නඩු දිනයේ යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

වරද පිළිගැනිම හේතුවෙන් සැකකරුවන්ව මෙලෙස ශරීර ඇප මත නිදහස් කර ඇති අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් ඉදිරිපත් කල කරුණු සළකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා දැරිය පියා බාරයේම තබාගැනිමට ද අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09