සූදුවට ඇවිත් පොලිසිය පැන්නාම බයික් ෆෝන් දාලා දුවලා

මහඉලුප්පල්ලම, ඉහළගම ප්‍රදේශයේ නිවසක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බූරු පොලක් වටලා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම බූරු ගැසීමට පැමිණි පුද්ගලයින්ගේ යතුරු පැදි සහ ජංගම දුරකථන ද අත්අඩංගුවට ගත් බවයි එප්පාවල පොලිසිය සඳහන් කළේ.

බූරු පොළ පවත්වාගෙන ගිය නිවසේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07ක්, බූරු ගැසීමට පැමිණි පුද්ගලයින්ගේ යතුරුපැදි 09ක්, ජංගම දුරකථන 10ක් සහ ටැබ් වර්ගයේ දුරකථනයක් මෙන්ම ඔට්ටු ලෙස තැබූ මුදල් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එප්පාවල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඉහළගම ප්‍රදේශයේ නිවසක මිදුලේ මෙම බූරු පොළ පවත්වාගෙන ගොස් ඇති අතර, ඊට පැමිණෙන මාර්ගයේ ඔත්තුකරුවන් පවා යොදවා ඉතා සූක්ෂමව පවත්වා ගෙන ගොස් ඇති බවයි.

නිතර වන අලින් ගැවසෙන බැවින් පොලිසිය වැටලීම් සිදු කිරීමට නිරන්තරයෙන් මෙම ප්‍රදේශයට නොපැමිණීම හේතුවෙන් සැකකරුවන් මෙම බූරු පොළ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පොලිස් නිලධාරීන් බූරු පොළ පවත්වාගෙන ගිය නිවස වට කර එක්වරම වැටලීම සිදු කර ඇති අතර එම අවස්ථාවේදී බූරු ගසමින් සිටි සැකකරුවන් 05 දෙනෙකු පමණ පළා ගොස් තිබෙනවා.

ඇතැම් සැකකරුවන් ඔවුන් පැමිණි යතුරු පැදි මෙන්ම ජංගම දුරකථනද බූරු පොලේ දමා පළා ගොස් ඇතැයි සඳහන්.

එම බූරු පොලේ තිබී අත්අඩංගුවට ගත් යතුරු පැදි 9න් 4ක හිමිකරුවන් වැටලීමේදී පොලිස් භාරයට පත්වී තිබෙනවා.

අනෙක් යතුරු පැදි 5ක හිමිකරුවන් මෙන්ම පොලිස් භාරයට ගත් ජංගම දුරකථන 10 සහ ටැබ් දුරකථනයේ හිමිකරුවන් ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම යතුරු පැදි සහ ජංගම දුරකථන සොරා ගත් ඒවා ද ,නැතහොත් යම් යම් අපරාධයන්ට සම්බන්ධ ඒවාද යන්න පිළිබඳව ද පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

අත්අඩංගුවටගත් සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?