සූදුවට ඇවිත් පොලිසිය පැන්නාම බයික් ෆෝන් දාලා දුවලා

මහඉලුප්පල්ලම, ඉහළගම ප්‍රදේශයේ නිවසක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බූරු පොලක් වටලා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම බූරු ගැසීමට පැමිණි පුද්ගලයින්ගේ යතුරු පැදි සහ ජංගම දුරකථන ද අත්අඩංගුවට ගත් බවයි එප්පාවල පොලිසිය සඳහන් කළේ.

බූරු පොළ පවත්වාගෙන ගිය නිවසේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07ක්, බූරු ගැසීමට පැමිණි පුද්ගලයින්ගේ යතුරුපැදි 09ක්, ජංගම දුරකථන 10ක් සහ ටැබ් වර්ගයේ දුරකථනයක් මෙන්ම ඔට්ටු ලෙස තැබූ මුදල් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එප්පාවල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඉහළගම ප්‍රදේශයේ නිවසක මිදුලේ මෙම බූරු පොළ පවත්වාගෙන ගොස් ඇති අතර, ඊට පැමිණෙන මාර්ගයේ ඔත්තුකරුවන් පවා යොදවා ඉතා සූක්ෂමව පවත්වා ගෙන ගොස් ඇති බවයි.

නිතර වන අලින් ගැවසෙන බැවින් පොලිසිය වැටලීම් සිදු කිරීමට නිරන්තරයෙන් මෙම ප්‍රදේශයට නොපැමිණීම හේතුවෙන් සැකකරුවන් මෙම බූරු පොළ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පොලිස් නිලධාරීන් බූරු පොළ පවත්වාගෙන ගිය නිවස වට කර එක්වරම වැටලීම සිදු කර ඇති අතර එම අවස්ථාවේදී බූරු ගසමින් සිටි සැකකරුවන් 05 දෙනෙකු පමණ පළා ගොස් තිබෙනවා.

ඇතැම් සැකකරුවන් ඔවුන් පැමිණි යතුරු පැදි මෙන්ම ජංගම දුරකථනද බූරු පොලේ දමා පළා ගොස් ඇතැයි සඳහන්.

එම බූරු පොලේ තිබී අත්අඩංගුවට ගත් යතුරු පැදි 9න් 4ක හිමිකරුවන් වැටලීමේදී පොලිස් භාරයට පත්වී තිබෙනවා.

අනෙක් යතුරු පැදි 5ක හිමිකරුවන් මෙන්ම පොලිස් භාරයට ගත් ජංගම දුරකථන 10 සහ ටැබ් දුරකථනයේ හිමිකරුවන් ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම යතුරු පැදි සහ ජංගම දුරකථන සොරා ගත් ඒවා ද ,නැතහොත් යම් යම් අපරාධයන්ට සම්බන්ධ ඒවාද යන්න පිළිබඳව ද පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

අත්අඩංගුවටගත් සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48