සූක්ෂ්ම ව මෙරටට ගෙනා බීඩි කොළ කිලෝ 2888ක් සොයා ගැනේ (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2888 ක පමණ තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; මන්නාරමේ දී ඊයේ (08) මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව, වංකාලේ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මගින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත් බවයි.

මෙම බීඩි කොළ තොගය ප්‍රවාහනය කළ කැබ් රථයක් සහ ලොරි රථයක් ද නාවික හමුදා භාරයට ගැනුණා.

අදාළ බීඩි කොළ තොගය පාර්සල් 80ක අසුරා තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 ත් 30 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (03), බීඩි කොළ තොග‍ය, කැබ් රථය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වංකාලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණා.

WhatsApp Image 2024 07 09 at 09.40.48
WhatsApp Image 2024 07 09 at 09.40.47 1
WhatsApp Image 2024 07 09 at 09.40.47
WhatsApp Image 2024 07 09 at 09.32.57
WhatsApp Image 2024 07 09 at 09.32.08
WhatsApp Image 2024 07 09 at 09.32.07
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48