සූකර උණෙන් මියගිය ඌරන් කිඹුලාපිටියේ ඇළකට ගෙනැවිත් දාලා

අප්‍රිකානු සූකර උණ වැළඳීමෙන් මරණයට පත් වූ සත්ත්ව ගොවිපොළක ඌරන්ගේ සිරුරු විශාල වශයෙන් විවිධ ප්‍රදේශවල ඇළ මාර්ගවලට ගෙනැවිත් දමා ඇති සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබෙනවා.

මෙලෙස සත්ත්ව ගොවිපොළවල්වල දී රෝගාතුරව මියගිය ඌරන්ගේ සිරුර යම්කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ජා ඇළ – දඬුගම ඇළ මාර්ගයට ද අද (06) දින කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල් යායක් සමග පිහිටි ඇළ මාර්ගයකට ද ගෙනැවිත් දමා ඇති බව දක්නට ලැබුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කිඹුලාපිටිය ප්‍රදේශයේ කට්ටියල මාර්ගය අසල වෙල්යායක ඇළ මාර්ගයකට මීට දින කිහිපයකට පෙර මියගිය විශාල ප්‍රමාණයේ ඌරන්ගේ සිරුරු ගෙනවිත් දමා ඇති බවත්; අවට සිටින සුනඛයින්, පක්ෂීන් විසින් එම සිරුරුවල කොටස් ආහාරයට ගෙන තැන තැන දමා ඇති බවත් නිරීක්ෂණය වන බව දසත වාර්තාකරු සඳහන් කළා.

මෙය අතිශය අවදානම් ක්‍රියාවක් වන්නේ; ඌරන්ට වැළඳුණු අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කිසිදු ආහාරපාන නිෂ්පාදනාගාරයක හෝ ඌරු මාංශ විකිණීම, ආහාරය පිණිස තැබීම පසුගියදා තහනම් වුණු අතර පැතිර යන සත්ත්ව වෛරසය නිසා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් 2024.10.25 වන දින ගැසට් නිවේදනයක් මගින් මාස තුනක කාලයක් සඳහා ඌරන් මස් පිණිස විකිණීම ආදි කටයුතු තහනම් කෙරුණා.

සූකර උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා මියයන ඌරන්, ආසාධිත සතුන් ඝාතනය කිරීම, මස් ප්‍රවාහනය ඇතුළු ක්‍රියාමාර්ග රැසක් තහනම් කරමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ.

එවන් පසුබිමක වෛරසය ආසාදනයෙන් මියගිය මෙම ඌරන් මෙලෙස අනාරක්ෂිත ලෙස දැඩි සෞඛ්‍ය තර්ජනයක් පරිසරයට මුදාහරිමින් සිදු කළ ක්‍රියාවට වගකිව යුත්තන් සොයා වහාම විමර්ශන ආරම්භ කරමින් දැඩි දඬුවම් පැමිණවීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම වගකීම්සහගත සෞඛ්‍ය බලධාරින්ගේ මෙන් ම පොලිසියේ කාර්‍යයභාරය ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?