AFC Banner
AFC Banner
Empty Ad

සුළි කුණාටු තත්ත්වය ඇති වීමේ ඉඩකඩ තවදුරටත් – මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසිත්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වැනි දින පෙරවරු 02.30 ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබෙන
හෙයින් එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දින (28) සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකියි.

දිවයිනේ උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි එහි දැක්වෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇති වන බවත්; උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවත් එහි සඳහන්.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 60-70ක වේගයෙන් ඉතා තද සුළං ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50ක අගයකින් සුළං හැමීමේ වර්ධනයක් සිදු විය හැකි බව ද සඳහන් වනවා.

මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?