සුළි කුණාටුවේ බලපෑම දිවයිනෙන් බැහැරට – අන්තර් මෝසම් සමය තව දුරටත්

දිවයිනට වක්‍රාකාරව බලපා තිබූ සුළි කුණාටු තත්ත්වය දිවයින ආසන්නයෙන් බැහැරට ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය මේ වනවිට බංග්ලාදේශයට ඇතුළු වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දිවයිනට බලපා තිබූ කාලගුණ තත්ත්වය ප්‍රමාණාත්මක අඩුවීමක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බවයි.

කෙසේ වෙතත් දිවයිනේ සබරගමුව, බස්නාහිර, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

ඊට අමතරව ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රියේ තැනින් තැන ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

පැවති වැසි තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වුවද දිවයිනට බලපාන අන්තර් මෝසම් සමය තව දුරටත් පවතින බැවින් දිවයින තුළ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි තත්ත්වයන් තවදුරටත් අපේක්ෂා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00