සුළි කුණාටුවේදී ආණ්ඩුව කළ යුතු නමුත් නොකළ සිටි කරණු 14ක් ගම්මන්පිල හෙළි කරයි

නිකුත් වූ කාලගුණ වාර්තා නොසලකා සිටීම නිසා මෙම ව්‍යවසනය සිදු වූ බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

ඒ අද (05)පිවිතුරු හෙළ උරුමය වුසින් කැඳවා තිබූ නාධ්‍ය හමුවකදී යි.

මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම විදෙස් මාධ්‍ය මඟින් ද ශ්‍රී ලංකාවට බලපාන පරිදි විශාල සුළි කුණාටුවක් සහ එම සුළි කුණාටුවේ බලපෑමෙන් අධික වර්ෂාපතනයක් ද ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබියදී ආණ්ඩුව විසින් කළ යුතුව තිබුණු නමුත් නොකළ කාරණා 14ක් පිළිබදව උදය ගම්මන්පිළ විසින් අනාවරණය කරනු ලැබුවා.

  • වැසි ජලය රැස්කර ගැනීමට හැකි වන පරිදි ජලාශ හිස් නොකිරීම
  • ජලය පහසුවෙන් බැස යාමට හැකි වන පරිදි මෝය කට පුළුල් නොකිරීම
  • හමුදාව යොදා ඇළ මාර්ග මතුකර නොගැනීම
  • පළාත් පාලන ආයතන හරහා ජලය බැස යන කාණු පද්ධතිය පිරිසිදු කරලා ප්‍රතිසංස්කරණය නොකිරීම
  • නාය යන දිස්ත්රික 07ක අවදානම් කලාප ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හනුදෙන තිබ්බත් එම අවදානම් කලාපවල පදිංචි ජනතාව ඒ කලාප වලින් ඉවත් කිරීමට කටයුතු නොකිරීම
  • ජල ගැලීම් සහ නායයෑමෙන් අවදානමට ලක් විය හැකි ප්‍රදේශවල ඉන්න ජනතාව ඒ ප්‍රදේශවලින් ඉවත් කර ගැනීම සඳහ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර හමුදාව නොයෙදවීම
  • ත්‍රිවිද හමුදාව සම්බන්ධීකරණය කරන අරාක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරු පත්කර නොතිබීම
    -රාජ්‍ය යාන්ත්‍රනය ක්ෂණිකව මෙහෙයවීමට අත්දැකීම් තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ජනධිපති ලේකම් තනුත්‍ර පත්කර නොතිබීම
  • හදිසි නීතිය ප්‍රකාශ කිරමට ප්‍රමාද වීම
  • ආපදාවට ලක් වූ ප්‍රදේශවලට යැවිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අයවැය විවාදයේ තබා ගැනීම
  • ජාතික ව්‍යවසන තත්ත්වයක් ප්‍රාක්ෂ කිරීමට කටයුතු නොකිරීම
    -ජාතික ආපදා සභාව කැඳවීමට කටයුතු නොකිරීම
  • හිටපු ජනාධිපතිවරුන්ගේ අත්දැකීමෙන් ප්‍රයෝජන නොගැනීම
  • රාජ්‍ය සේවය අත්‍යාවෂ්‍ය සේවයක් නොකිරීම

මෙම කාරණා 14 ඉටු නොකළ නිසා මෙම ආපදා තත්ත්වය තීව්‍ර වූ බවත් එමඟින් ජනතාව පිඩාවට පත් වූ බවත් ඔහු වැඩිදුරත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
26
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?