සුළි කුණාටුවක් නිසා පුද්ගලයින් 17 මියයයි

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපා ඇති හරිකේන් සුළි කුණාටුව නිසා මේ වනවිට පුද්ගලයින් 17 මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලක්ෂ 20 කට අධික පිරිසක් විපතට පත්ව ඇතැයි ද නිවාස රැසක් ජලයෙන් යටවී ඇතැයිද සදහන් කරයි. මේ වනවිට අවතැන්වූ පුද්ගලයින් 700 මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට පියවර ගෙන ඇතැයි ද පවසයි.

පැයට කිලෝමීටර් 241 ක් වේගයෙන් හමායන හරිකේන් සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ දරුණුතම අවස්ථාව බව වාර්තාවේ. ප්‍රාන්තයේ ඇතැම් ස්ථාන අඩි 12ත් 14ත් අතර උසකට ජලයෙන් යටවී ඇතැයිද පවසයි. මේ වනවිට ප්‍රාන්තයට ඇදිරි නීතිය පනවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?