දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය ක්‍රමයෙන් පීඩන අවපාතයක් හා සුළි කුණටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එය නිරිතදිග බෙංගාල බොක්ක හරහා ගොස් අනිද්දා (08) දිනය වනවිට තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.
ඒ, අනුව එහි බලපෑමෙන් උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල හෙට (07) සහ අනිද්දා (08) දින වලදී තද වැසි හා සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.
නැගෙනහිර පළාතේ අද (06) දිනය තුළ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සබරගමුව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි අද සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.














ME SULI SULANGINWATH MUN 255 YI UNGE HATHHTHA BURUTHTHAYI GAHAGENA GIYOTH APITA NIWI SANASILLE INNA PULUWAN. ANE ESEMA WEWA.