සුරේෂ් සලේ ජීවිතය හානිකර ගැනීමේ අවදානමක් ඇති බවට නීතිඥයින් අධිකරණයේදී කරුණු කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සඳහා කුමන්ත්‍රණය කළා යැයි සැකපිට අත්අඩංගුවේ සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ සියදිවි නසාගැනිමේ අවදානමක් ඇතැයි ඔහුගේ නීතිඥයින් වන ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයට කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කළා.

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද (03) මෙම නඩුව කැඳවු අවස්ථාවේදීයි.

එම නීතිඥයන් වැඩිදුරටත් පෙන්වාදුන්නේ, සුරේෂ් සලේ මහතා පිළිබඳව දැනට ලබා දී ඇති අධිකරණ වෛද්‍ය වාර්තා මත පදනම්ව සුරේෂ් සලේ මහතාට කාන්සාව විශාදය සහ පශ්චාත් කම්පන ආතති අක්‍රමිකතා (PTSD ) ඇතැයි ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවල සඳහන් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී ඔහුව වධ හිංසාවට ලක් කිරීම හේතුවෙන් මෙම මානසික තත්වයන් ඇතිවීමට බලපා ඇති බවට නීතිඥයින් එහිදී සඳහන් කළා.

එම නිසා සුරේෂ් සලේ මහතාව එම දෙපාර්තමේන්තුවෙන් වෙනත් ස්ථානයකය්ට යොමු කොට සුදුසු මානසික ප්‍රතිකාරයන් සඳහා යොමු කරන ලෙස ඔහුගේ නීතිඥයින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

කෙසේවෙතත් මෝසමක් මගින් මෙම නඩුව කැඳවමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර මෙම මෝසම කැඳවන අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හෝ අගතියට පත් පාර්ශවය නියෝජනය කරන නීතිඥවරුන් පෙනී සිටියේ නැහැ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් එම පාර්ශවවලට නොතිස් නිකුත් කළා.

හෙට (ජූනි 04 වැනිදා) මෙම නඩුව නැවත විභාගයට ගෙන මෙම කරුණු නැවත සලකා බැලීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08